Friday, April 26, 2024

General line - 0115112241

තවත් පිරිසක් අද නිවෙස් වෙත - තවදුරටත් නිරෝධායනය වෙන පිරිස ගැනත් පැහැදිළි කෙරේ




දින 14ක නිරෝධානය අවසන් කළ තවත් පුද්ගලයින් 115 දෙනෙකු අද (31) තම නිවස් කරා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ කෝවිඞ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ "ඊයේ දිනය වන විට 1700 දෙනෙකු පමණ සිය නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් බලා ගොස් තිබුණා. ඒ අනුව තවත් 1964 දෙනෙකු තමයි නිරෝධායන කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නේ. ඔවුන්ගෙන් කොටසක් තමයි අද දිනයේ නිවෙස් බලා පිටත්ව යන්නේ." යනුවෙනි.

කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අකුරණ නගරය සහ බණ්ඩාරගම අටළුගම ගම්මානයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයෙන ආකාරය පිළිබඳව ද යුධ හමුදාපතිවරයා කරුණු දැක්වුවා.

එහිදී පෙන්වා දුන්නේ අදාළ ස්ථානවල සිටින ජනතාවගේ ප්‍රමාණය පිළිබඳව යුද හමුදාවට පැහැදිළි අවබෝධයක් ඇති හෙයින් ඊට අනුව සහන සැළසීමට කටයුතු යොදා ඇති බවයි.