Wednesday, May 8, 2024

General line - 0115112241

කොරෝනා ගැන සොයමින් සිටි පර්යේෂකයෙකු වෙඩි තබා ඝාතනය කරලා




කොරෝනා වෛරසයට අදාලව ඉතා වැදගත් සොයා ගැනිමක නිරත වෙමින් සිටි පර්යේෂකයෙකු අමෙරිකාවේ, පෙන්සේල්වෙනියා ප්‍රාන්තයේදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු වන 37 හැවිරිදි Bing Liu නම් ඔහුගේ සිරුර ඔහු පදිංචි නිවසේ තිබියදී සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ මෙම පර්යේෂකයාගේ හිසට සහ බෙල්ලට එල්ලවූ වෙඩි පහරවල් වලින් ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම පර්යේෂකයාගේ සිරුර හමුවී පැයකට පසු එම ස්ථානයේ සිට සැතපුමක් දුරින් පිහිටි ස්ථානයකින් තවත් පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ Hao Gu නම් 46 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවට වන සාක්ෂි අනාවරණය වී ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ.

කෙසේ වුවත් Bing Liu සහ Hao Gu එකිනෙකා හොදින් හඳුනන බවට තොරතුරු ලැබී ඇති බවත් මොවුන්ගේ සම්බන්ධය කුමක්ද යන්න සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරින් විමර්ශනයක් ද ආරම්භ කොට තිබෙනවා.

" කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සෛලීය යාන්ත්‍රණයන් සහ සංකුලතා සම්බන්ධයෙන් පර්යේෂණය කිරිමේ කටයුතු වල ඔහු යෙදී සිටියා. එය ඔහුගේ සිහිනයක්, ඔහුගේ අපේක්ෂාව ඉටු කිරිමට අප කැපවී කටයුතු කරන්නෙමු" යනුවෙන් පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලය සිය සරසවියේ සිටි දීප්තිමත් පර්යේෂකයාගේ අභාවයත් සමග නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.