Friday, April 26, 2024

General line - 0115112241

මහා විනාශයක් කිරීමට ගිය ත්‍රස්තයින්ගේ කාර් බෝම්බයක් ඉන්දීය ආරක්ෂක අංශ පුපුරුවා හැරේ (VIDEO)




පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 40ක් පුරවන ලැබූ කාර් රථයක් සිය භාරයට ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ විසින් සමත්ව තිබෙනවා. ඒ ඉන්දියාවේ ශ්‍රිනගර් හිදී සිදුකළ මෙහෙයුමකදී.

ලද බුද්ධි තොරතුරකට අනුව ව්‍යාජ අංක තහඩු යෙදු කාර් රථයක් නතර කොට පරික්ෂා කිරිමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කිරිමේදී එහි සිටි රියදුරා වාහනය නොනවත්වා ධාවනය කොට ඇත.

ඒ සමගම මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි නිලධාරින් එම රථයට වෙඩි ප්‍රහාර කිහිපයක්ම එල්ල කොට ඇති බවත් රියදුරු කාර් රථය අත්හැර පළා ගොස් තිබුණා.

පසුව සිදුකළ සෝදිසියකදී එම කාර් රථයේ සවිකොට තිබු පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 40ක් සොයා ගැනීමට හැකිවූ බවයි ප්‍රදේශය බාර ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය කරුණු වාර්තා කර සිටියේ.

පසුව බෝම්බ නිෂ්ක්‍රිය අංශ විසින් පැමිණ එම කාර් රථය පුපුරුවා හැරීමට පියවර ගෙන තිබු අතර එහි කම්පනයෙන් අවට පිහිටි නිවාස රැසකට හානි සිදුව තිබෙනවා.

මේ අයුරින්ම පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් යොදා ගනිමින් පුල්වාමා ප්‍රදේශයේදී ඉකුත් වසරේ පෙබරවාරි මස 14 වෙනිදා එල්ල කරනු ලැබූ බෝම්බ ප්‍රහාරයකින් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයින් 40 කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්විය.

පසුගිය මාස 03 තුලදී ඉන්දියාවේ ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයේදී එල්ල වූ ප්‍රහාර වලින් ආරක්ෂක අංශ සාමාජිකයින් 30 දෙනෙක් සහ ත්‍රස්තවාදීන් 38 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.