Thursday, May 2, 2024

General line - 0115112241

මෙරට බාහිර සමාජයෙන් කොරෝනා ආසාධිතයන් හමුවීම නවතී - ඊයේ හමුවූ අසාධිතයන් සියලූම දෙනාත් විදේශයන්ගෙන් පැමිණි අයයි




නව්‍ය කොරෝනා ආසාදිතයන් ශ‍්‍රී ලංකාවෙන් තවදුරටත් වාර්තා වන්නේ විදේශගතව සිට පැමිණි අයගෙන් සහ නාවික හමුදා පොකුරෙන් පමණක් බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය පවසනවා. 

ඊයේ දිනයේ ද නව කොරෝනා ආසාදිතයන් 66 දෙනෙකු ශ‍්‍රී ලංකාවෙන් හඳුනා ගැනත් ඔවුන් සියලූ‍ දෙනා ද විදේශගතව සිට පැමිණි අය හෝ නාවික හමුදා සාමාජිකයන් බවයි හෙිදී ප‍්‍රකාශ කෙරුණේ. 

කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද්ධ හමුදාපති ලූ‍තිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසූවේ නිරෝධායන මධ්‍යස්ථාන 45ක් රට තුළ තවදුරටත් ක‍්‍රියාත්මක වන බවයි.

නව කොරෝනා ආසාදිතයන් විවෘත ප‍්‍රජාවෙන් දැන් වාර්තා නොවූවත් සියලූ‍ දෙනා තවදුරටත් සෞඛ්‍ය උපදෙස් ගරු කරමින් අවධානයෙන් කටයුතු කළ බවද යුද හමුදාපති ලූ‍තිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කරා.