Friday, April 26, 2024

General line - 0115112241

පාකිස්ථානයෙන් ලැබුණු දුරකථන ඇමතුම් දෙකක් ගැන ඉන්දියාව අවධානයෙන්




ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බව පවසමින් පාකිස්ථානයේ සිට ලැබුණු දුරකථන ඇමතුම් දෙකක් සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක බලධාරීන් සිය අවධානය යොමු කොට තිබෙනවා.

දකුණු දිග මුම්බායි හි පිහිටි ටාජ් සමුහයට අයත් හෝටල් දෙකකට ඊයේ රාත්‍රියේදී පාකිස්ථානයේ සිට මෙම තර්ජනාත්මක දුරකථන ඇමතුම් දෙක ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

2008 වර්ෂයේ නොවැම්බර් 26 වෙනිදා සුප්‍රකට ටාජ් මහල් පැලස් හෝටලයට එල්ල කළ ආකාරයට සමාන ප්‍රහාරයක් මෙම හෝටල් දෙකටද එල්ල කරන බවට එම දුරකථන ඇමතුම් වලින් කියැවි ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඒ අනුව එම හෝටල් දෙකේ ආරක්ෂාව දැඩි කිරිමට එරට ආරක්ෂක අංශ විසින් කටයුතු යොදා තිබෙනවා.

2008 වර්ෂයේ දී මුම්බායි නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 166 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූවා. එම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන Lashkar-e-Taiba නම් ත්‍රස්ත සංවිධානය විසින්ය. එම ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි 10 දෙනෙකු ගෙන් යුත් ත්‍රස්ත කණ්ඩායමෙන් 09 දෙනෙකු ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් වූ අතර අනෙක් ත්‍රස්තවාදියාට මරණ දඬුවම හිමිවුවා.