Friday, April 26, 2024

General line - 0115112241

ලංකාපුර අහඹු පි.සී.ආර් පරීක්ෂණ වැඩි කෙරේ




පොළොන්නරුව ලංකාපුර ප‍්‍රදේශයේ තවත් 350 දෙනෙකු අද දිනයේ අහඹු ලෙස පී සී ආර් පරීක්ෂණ සඳහ යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. 

දිස්ති‍්‍රක් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයන්ත චන්ද්‍රසිරි, නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ ලංකාපුර ප‍්‍රදේශයේ  325 දෙනෙකු ඊයේ දිනයේදී ද අහඹු ලෙස පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කළ බවයි. 

එම පරීක්ෂණවල ප‍්‍රථිඵල අද දිනයේ ලැබීමට නියමිත බව ද ඔහු සඳහන් කළා. නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ නිලධාරියෙකු වාර්තා වීමත් සමග ඔහුගේ ආශ‍්‍රිතයින් සහ අහඹු ලෙස තෝරාගත් එම ප‍්‍රදේශයේ පිරිස්  පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් ඉකුත් දිනවලදී ද කටයුතු කළා.

මේ අතර, අනුරාධපුර බන්ධනාගාර රැඳවියන් අතරින් අහඹු ලෙස තෝරාගන්නා පිරිසක් අද දිනයේ පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි.