Thursday, May 2, 2024

General line - 0115112241

ඡන්දය නිසා කොරෝනා තතු වසන් කළාද? - අගමැති කතා කරයි




එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය ස්ථීරවම තම පක්ෂය ජයග‍්‍රහණය කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කෙසේවෙතත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අරමුණ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීම බවයි ඊයේ (02) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගීවෙමින් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

මැතිවරණය හේතුවෙන් කොරෝනා වසංගතයේ සෑබෑ තතු ආණ්ඩුව වසන් කරන බවට එල්ලවන චෝදනා වලටද අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප‍්‍රතිචාර දැක්වූවා.

එහිදී පෙන්වා දුන්නේ "මාධ්‍ය නිසා ජනතාවගෙන් කිසිවක් සැඟවිය නොහැකියි. ඒ නිසා කොරෝනා කාරණාවෙදිත් එහෙමම තමයි. අපි හංගන්න සූදානමකුත් නෑ. ජනතාවට දැන් අවශ්‍ය වන්නේ වැඩ කරන කණ්ඩායමක් මිස තවදුරටත් දේශන පවත්වන කණ්ඩායමක් නෙමෙයි. ඒ නිසා අපි ඡන්දය දෙන්න ඕනේ කාටද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය වන්නේ නෑ." යනුවෙනි.

(මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් බලාපොරොත්තුවන්න.)