Thursday, May 2, 2024

General line - 0115112241

අලූත් ව්‍යවස්ථාවෙන්ම වැඩ අරඹන්න ආණ්ඩුවෙන් සැලසුම්

කමල් සුරවීර




මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී තනතුරු ලැබූ කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිළිගැනීමේ උත්සව අද දිනයේ විවිධ ප‍්‍රදේශවලදී පැවැත්වුණා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර ප‍්‍රකාශ කළේ නව ව්‍යවස්ථාවකින් වත්මන් ආණ්ඩුව රාජකාරී ආරම්භ කළයුතු බවයි.

ඉකුත් මහ මැතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට හැර අනෙකුත් පක්‍ෂවලට ඡන්ද අඩුවීමට බලපෑ හේතුව පිළිබද මහනුවරදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙලෙස පැහැදිලි කළා.

ජනතාව වෙනුවෙන් ආණ්ඩුව කි‍්‍රයාත්මක කරන වැඩපිිලිවෙල හමුවේ විපක්‍ෂයට ඉදිරියේදී සිදු කිරීමට කාර්යභාරයක් නොමැති වනු ඇති බවයි අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසුවේ.

වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් හිමිවීම හේතුවෙන් විශාල වැඩ කොටසක් සිදුකිරීමට හැකි බවයි අමාත්‍ය චමල් රාජපක්‍ෂ පැවසුවේ.

එම උත්සවයට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්‍ෂ පැවසුවේ රටට නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව කෙරෙහි ජනතාවද විමසිල්ලෙන් බලා සිිටින බවයි. ඉකුත් යහපාලන ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන සිදු කළේ ජනතාව ගැන නොසිතා බවද අමාත්‍යවරයා සදහන් කළා.

මේ අතර මෙරටට අවශ්‍ය බඩඉරිගු මෙරටින්ම සපයා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ආරම්භ කරන බව උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුදු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශි‍්‍රත කර්මාන්ත අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ද පවසනවා.  

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදී ඇති ඉලක්කයක් පිළිබද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක අද අදහස් පළ කළා. ඔහු කියාසිටියේ තවත් වසර දහයක් ඇතුළත ඉන්ධන භාවිතය අවම කරමින් විදුලිය නිෂ්පාදනය කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි.