Thursday, May 2, 2024

General line - 0115112241

කාන්තා බන්ධනාගාරය තුළ හෙරොයින් අලෙවියට සහය වූ නියාමකවරියක් කොටු




වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික දෙමටගොඩ චමින්දගේ මවට පහසුකම් සැපයූ බන්ධනාගාර නියාමකවරියකට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

ඉකුත් 12 වැනි දා සිරකරු දිනයේදී දෙමටගොඩ චමින්දගෙ මවට කාන්තා  බන්ධනාගාරයට පිටතින් හෙරොයින් පැකට් කිහිපයක් විසිකර ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

එම හෙරොයින් ලබා ගැනීම සඳහා වාට්ටුවෙන් පිටතට යාමට ඇයට, අදාල බන්ධනාගාර නියාමකවරිය අවස්ථාව සලසා දී තිබෙනවා. දෙමටගොඩ චමින්දගෙ මව එම හෙරොයින් ලබාගෙන වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රැඳවියන්ට මුදලට අලෙවි කර ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඇයට වාට්ටුවෙන් පිටතට යාමට පහසුකම් සැලසු බන්ධනාගාර නියාමකවරියට ද මුදල් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.