Friday, April 26, 2024

General line - 0115112241

සබරගමුව මහා සමන් දේවාලයේ පිංකැටය කැඩූ පුද්ගලයා හඳුනා ගැනේ (PHOTOS)




ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ පිංකැටය කඩා මුදල් සොරකම් කළ පුද්ගලයා CCTV දර්ශන මගින් හදුනාගෙන  ඇති බව පොලිසිය පවසනවා.

මිට දින කිපයකට පෙර මෙම සැකකරු විසින් සමන් දේවාලයේ පිංකැටය කඩා එහි තිබු මුදල් රැගෙන පළා යමින් සිටියදි  ලබාගත් එම දර්ශන අනුව අදාල පුද්ගලයාගේ ජයාරුප මේ සමග දැක්වේ. 

සුවහසක් බැතිමතුන් ගේ පුජෝපහාරයට ලක්වන සමන් දේවාලයේ පිංකැටය කැඩු මෙම තැනත්තා සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් රත්නපුර මුලස්ථාන පොලිසියේ පහත සදහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගල  0718591385
පොලිස් පරීක්ෂක අනිල් සම්පත් - 0771124220
පොලිස් පරීක්ෂක නිශාන්ත බණ්ඩාර  0712597622