Thursday, May 2, 2024

General line - 0115112241

රංජන් නිසා විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවයක්




වසර 04 ක සිරදඬුවමකට යටත්ව මේ වනවිට අගුණුකොලපැලැස්ස බන්ධානාගරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකින් අනතුරුවයි. 

සිරදඬුවමකට ලක්ව අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ ජීවිතයට තමන් වගකියන බවයි විපක්ෂ නායකවරයාට පිළිතුරු ලබාදෙමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ. 

එම සංවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ද එක්වුණා.