Friday, April 26, 2024

General line - 0115112241

ගුවන් හමුදා පාපැදි සවාරියේදී, වරායෙන් පෙරලියක්




අද පැවැති 22 වන ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි අංශයේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වුණා. ඒ, උණුසුම් තරග අවස්ථාවක් සියලු පාපැදි ප්‍රේක්ෂකයින්ට තිලිණ කරමින්. තරගය පුරා ක්‍රීඩක පොකුර තුළ රැඳී සිටිමින් අවසාන කිලෝ මීටර් 02 තුලදී පොකුරෙන් මිදී පෙරළියක් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත්වුණේ පිරිමි අංශයේ පළමු සහ දෙවන ස්ථාන 02 ම දිනා ගනිමින්. ඒ, තරගය ආරම්භයේ සිට පෙරමුණේ සිටි යුද්ධ හමුදා ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තු බිඳ දමමින්.

තරගයේ පළමු ස්ථානය වරාය අධිකාරියේ සොනාල් ද සිල්වා දිනා ගත් අතර දෙවන ස්ථානය වරාය අධිකාරියේම චමෝද් ද සිල්වාට හිමිවුණා. මේ, තරගයෙන් පසු ඔවුන් දැක්වූ අදහස්. 

තරගයේ 03 වන ස්ථානය දිනා ගත්තේ නාවික හමුදාවේ ප්‍රභාත් මධුශංකයි. පැය 03 යි විනාඩි 20 කට අධික කාලයක් පැවැති පිරිමි අංශයේ සමස්ථ දුර ප්‍රමාණය කිලෝ මීටර් 148 ක්. තරගය සඳහා තරගකරුවන් 196 දෙනෙකු එක්ව සිටියා. 

මේ අතර මෙවර 22 වන ගුවන් හමුදා පාපැදි සවාරියේ කාන්තා අංශයේ ශූරතාව යුද්ධ හමුදාව නියෝජනය කළ උදේශානි නිරංජනී දිනා ගත්තා. පාපැදි සවාරියේ නිල අනුග්‍රාහකයින් ලෙස පීපල්ස් ලිසිං සමාගම, සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ මයි කෝලා කටයුතු කළ අතර නිල රේඩියෝ අනුග්‍රහය නෙත් එෆ් එම් රේඩියෝවයි.