Friday, April 26, 2024

General line - 0115112241

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කඩුලු රැකීමේ උපදේශකවරයාට කොරෝනා




මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කඩුලු රැකීමේ උපදේශකවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ වනවිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි පී එල් ක්‍රිකට් තරඟාවලිය සඳහා පුහුණුවීම් ද ආරම්භ කර ඇති අතර ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන ද ඔවුන් සමග එක්ව සිටිනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ කඩුලු රැකීමේ උපදේශකවරයා  මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ගෙන් හුදෙකලා කර ඇති බවයි එම කණ්ඩායම නිවේදනය කළේ. මෙවර අයි පී එල් තරඟාවලියට එක්ව සිටින කණ්ඩායම්වල ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මීට පෙර තහවුරු වුණා. මෙවර අයි පී එල් තරඟාවලිය ලබන 
09 වනදා ආරම්භ වීමට නියමිතයි.