Thursday, May 2, 2024

General line - 0115112241

අධික වැස්සෙන් අකුරැස්ස, පානදුගම යටවෙයි




දෙනියාය ප්‍රදේශයට ඊයේ සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් අකුරැස්ස පානදුගම ප්‍රදේශය ජලයෙන් යටවී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් අකුරැස්ස - සියඹලාගොඩ මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවයි.

මේ වනවිට එම ප්‍රදේශයට ඇදහැළු වැසි  නතරවී ඇති බැවින් ජල මට්ටමේ යම් අඩුවිමක් දක්නට ලැබෙන බවයි මාතර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.  

මේ අතර වලවේ ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අම්බලන්තොට වාදුරුප්ප, මෝදර ප්‍රදේශයේ නිවාස 20 කට ආසන්න සංඛ්‍යාවක් අද අලුයම ජලයෙන් යටවී තිබෙනවා.

හම්බන්තොට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ගංවතුර බැසයාම සදහා වලවේ ගඟේ මෝය කැපීමට කටයුතු කරන බවයි.