Tuesday, March 19, 2024

General line - 0115112241

වර්ෂාව හේතුවෙන් කුඹුරු අක්කර පන්සියකට පමණ දැඩි බලපෑම්




පැවැති අයහපත් කාලගුණික තත්වය නිසා වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් හතරක කුඹුරු අක්කර පන්සියකට පමණ දැඩි බලපෑම් සිදුව තිබෙනවා.

ඊයේ (13) සවස සිට පැය ගනනාවක් එක දිගටම ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් මාතර අකුරැස්ස වැලිගම , වැලිපිටිය, ඇතුළු  ප්‍රදේශ රැසකට  ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා.
 
මෙහිදී විශේෂයෙන් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජඹුරෙගොඩ , නැගෙනහිර , බටහිර , බොරාල , පලල්ල, ඇතුළු  ප්‍රදේශ ගණනාවක කුඹුරු වලට  දැඩි ලෙස හානි දායක තත්ත්වයක්  ඇතිවී තිබෙනවා.

මෙ අතරම මෙම ප්‍රදේශවල බීමට ගන්නා ළිං ජලය අපවිත්‍ර වීම හේතුවෙන්ද  පානීය ජල ගැටලුවක් ද මෙවන විට ඇතිවී තිබෙන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.