Friday, April 26, 2024

General line - 0115112241

දයා මාස්ටර්ට සිතාසි




එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශක දයා මාස්ටර් නමැත්තාට වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර තිබෙනවා. ඒ, හෙට දිනයේ එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

දයා මාස්ටර් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ භාෂා පරිවර්ථක ලෙස කටයුතු කළ ජෝර්ජ් මාස්ටර් නමැත්තාට එරෙහිව මීට පෙර ද අධිකරණය හමුවේ නඩු ගොනුකර තිබුණා.

කෙසේ වෙතත් ඒවායින් දයා මාස්ටර් නිදොස් කොට නිදහස් කෙරුණා. මේ වන විට ඔහු යාපනය ප‍්‍රදේශයේ පෞද්ගලික මාධ්‍ය ආයතනයක සේවය කරමින් සිටිනවා.