Saturday, May 11, 2024

General line - 0115112241

නිරෝධායන රෙගුලාසි සහ හැදුනුම්පත් අංක ක්‍රමය උල්ලංඝනය කළ 364 දෙනෙකු අත්අඩංගුවට




නිරෝධායන රෙගුලාසි කඩ කළ පුද්ගලයින් 223 දෙනෙකු පසුගිය පැය 24 තුළ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන රෙගුලාසි කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් ගණන 10,073 ක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මේ අතර හැදුනුම්පත් අංක ක්‍රමය අනුව නිවසින් බැහැර වීමට අවසර ලබා දීමේ ක්‍රමවේදය උල්ලංඝනය කල පුද්ගලයින් 141 දෙනෙකු ද ඉකුත් පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.