Friday, April 26, 2024

General line - 0115112241

“බාගේ අතේ තියන් වැනි වැනි ආවේ” – චන්ද්‍රිකා




ඒකාබද්ධ විපක්ෂය පසුගියදා පැවැත්වූ පාද යාත්‍රාවේ පැමිණි සෑම පුද්ගලයෙකුම මත්පැන් බෝතල් බාගය බැගින් රැගෙන පැමිණි බවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සිදු කරන ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් මේ වන විට සමාජ ජාල වෙඩ් අඩවිවල සංසරණය වනවා.

එහි වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනපතිනිය සඳහන් කළේ “ඔක්කොම ආපු මිනිස්සු අරක්කු බෝතල් බාගය අතේ අරගෙන ආවේ. වැනි වැනි තමයි බස් එකට නැග්ගේ. සමහරු මග දිගේ වමනේ කරනවා. පාද යාත්‍රාවේ ආවේ දෙදාහයි. ලිප්ටන් වටරවුමේ හිටියේ පන්දහක් හයදාහක් වගේ පිරිසක්.” යනුවෙනි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට හේතුවූ කරුණ පිළිබඳවද මෙහිදී හෙළි කෙරුණා.

එහිදී පැවසුවේ “මහින්දගෙ නෝනා ඉන්දියාවේ කෝවිලකට ගිහිල්ලා. ගැහැනුන්ට යන්න බෑ එතනට. බලෙන් ඇතුළට ගිහිල්ලා මහත්තයත් එක්ක. මේක පත්තරේ දැම්මා කියලා මහින්ද කෝල් කරලා ලසන්තට. මම තෝව මරණවයි කියලා.. කියලා. ඊට පස්සෙ මහපාරේ මාරුවා”. යනුවෙනි.

(සමාජ ජාල ඔස්සේ සංසරණය වන එම වීඩියෝව පහතින් නරඹන්න)