Friday, April 26, 2024

General line - 0115112241

IPL තරගාවලියට වනිදුට ඇරයුමක් 




සැප්තැම්බර් මාසයේදී නැවත ආරම්භ කිරිමට සැලසුම් කර ඇති ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ තුන් ඉරියවු ක්‍රීඩක වනිදු හසරංග ගිවිසුම් ගත කර ගැනීමට කණ්ඩායම් 4ක් සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඉකුත් මැයි මාසයේ දී IPL තරගාවලිය අතරමගදි අත්හිටවීමට සංවිධායකයින් පියවර ගනු ලැබු අතර, ඒ අනුව තරගාවලියේ සෙසු තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී IPL තරගාවලිය සැප්තැම්බර් 19 වෙනිදා සිට ඔක්තෝම්බර් මස 15 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර IPL තරගාවලියට සම්බන්ධ කණ්ඩායම් දෙකක් සිය ආදේශක ක්‍රීඩකයෙකු ලෙස වනිදු හසරංග ඇතුලත් කර ගැනීම සඳහා මේ වන විටත් සාකච්ජා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන තරගාවලිය සඳහා ඩුබායි බලා නොයන ක්‍රීඩකයින් වෙනුවෙන් ආදේශක ක්‍රීඩකයෙකු ඇතුලත් කර ගැනීමට IPL කණ්ඩායම් සඳහා අවසරය හිමිවනවා.

ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් අවසරය හිමිවන්නේ නම් පමණක් IPL තරගාවලියට ක්‍රීඩා කිරිමට වනිදු හසරංග කැමැත්තන් පසුවන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ICC ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි 20 අංශයේ පන්දු යවන්න අතුරින් දෙවන ස්ථානයේ පසුවන්නේ වනිදු හසරංගයි.