Friday, April 26, 2024

General line - 0115112241

පෞද්ගලික රෝහලට අත් බෝම්බය ගෙනා අය අල්ලයි




නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක තිබී අත්බෝම්බයක් සොයාගෙන ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්.  

ඔහු එම පුද්ගලික රෝහලේ ඉදිකිරීම් කටයුත්තක් සිදුකරන ආයතනයක සේවය කරන අයෙකු බවයි පොලීසිය පැවසුවේ. අදාළ පුද්ගලික රෝහලේ වැසිකිලියක අත්බෝම්බයක් ඇති බවට පළමුව දැක ඇත්තේ එම පුද්ගලයායි. සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය සහ කොළඹ අපරාධ කොට්ටාසය වැඩිදුර විමර්ශණ සිදුකරනවා.