Friday, April 26, 2024

General line - 0115112241

බන්ධනාගාර රැඳවියන්ට විශබීජනායක දියර භාවිතය තහනම්




බන්ධනාගාර තුළ විෂබීජනාශක දියර භාවිත කිරීම තහනම් කර තිබෙනවා. ඉරාන ජාතික රැඳවියන් පිරිසක්  විෂබීජ නාශක දියර වර්ගයක් භාවිත කිරීමේ සිද්ධියෙන් පසු මෙම තීරණය ගත් බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසුවේ.

ඒ අනුව බන්ධනාගාර තුළ දෑත් පිරිසිදු කිරීම සඳහා විශබීජ නාශක දියර ලබා නොදෙන බවයි ඔහු පැවසුවේ. ඒ වෙනුවට සබන් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.  පවතින තත්ත්වය අනුව රැඳවියන්ට  අමුත්තන්ගෙන් විෂබීජනාශක ලබා  ගැනීමට ද අවසර හිමිවන්නේ ද නැහැ.

කෙසේවෙතත් සතියකට වරක් බන්ධනාගාර වාට්ටු විෂබීජහරණය කිරීම සඳහා පමණක් එම දියර භාවිත කිරීමට තීරණය කර තිබෙනවා. එම කටයුතු නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ සිදුකරන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසුවේ.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ්‍ය වාට්ටුවේ රඳවා සිටි ඉරාන රැඳවියන් පිරිසකගේ භාවිතය සඳහා මෙරට පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් විෂබීජනාශක දියර අඩංගු පාර්සලයක් ඉකුත්දා ලබාදී තිබුණා. ඉන් අනතුරුවයි ඉරාන  ජාතික රැඳවියන් 14 දෙනෙකු විශබීජ නාශක දියර පානය කර තිබුණේ.

ඔවුන්ගෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර අනෙක් 12 දෙනා ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණා. සුවය ලැබූ එම ඉරාන ජාතික රැඳවියන් 12 දෙනා යළි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවනු ලැබූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.