Friday, April 26, 2024

General line - 0115112241

මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී කලු පටි බඳී




මන්ත්‍රීවරු පිරිසක් කලු පටි පැළඳ අද (11) පාර්ලිමේන්තු සභාවට පැමිණි බව එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් මෙලෙස කලු පටි පැළඳ සිටින බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ. දිනේෂ් ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුලු පිරිසක් ඒ අතර වනවා.

කෙසේවෙතත් මෙලෙස කලු පටි පැළඳ සීටීමට හේතුවක් මේ වන තෙක් අනාරණය වී නැහැ.

මේ අතර අද දිනයේදී අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ වූ කාර්යාලය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතයි.

13914029_10154385197914253_7599067124693673582_o