Thursday, May 2, 2024

General line - 0115112241

උගන්ඩාවේ කම්පාලා අගනුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක්




උගන්ඩාවේ කම්පාලා අගනුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ කම්පාලා අගනුවර පිහිටි උගන්ඩාවේ පාර්ලිමේන්තු සංකීර්ණය හා පොලිස් මූලස්ථානය අසල පිපිරීම් සිදුව ඇති බවයි. ප්‍රහාරය සඳහා යතුරුපැදිකරුවන් තිදෙනෙකු පැමිණ ඇති අතර ඔවුන් පාර්ලිමේන්තුව හා පොලිස් මූලස්ථානය අසල සිය යතුරුපැදි පුපුරුවා හැර තිබෙනවා. ප්‍රහාරවලින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තුවාල ලබා ඇති පුද්ගලයින් ගණන 30 කට අධිකයි.

ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව හා තුවාලකරුවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ එක් බෝම්බකරුවෙකු සිය යතුරු පැදිය පුපුරවා ගැනීමෙන් අනතුරුව මිනිත්තු 03 ක් වැනි කාලපරාසයක් තුලදී අනෙක් බෝම්බකරුවන් දෙදෙනා ද යතුරු පැදි බෝම්බ පුපුරවා ගත් බවයි.

ප්‍රහාරය සඳහා පැමිණි තවත් බෝම්බකරුවෙකු උගන්ඩා ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. බෝම්බකරු සතුව තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ද සොයා ආරක්ෂක අංශ විසින් සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ අතර කම්පාලා අගනුවර විවිධ ස්ථානවලින් තවත් ජීව බෝම්බ කිහිපයක්ම ආරක්ෂක අංශ විසින් සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළා. ප්‍රහාරයේ වගකීම අයි එස් සංවිධානයට අනුබද්ධ කණ්ඩායමක් විසින් භාරගෙන තිබෙනවා.