Friday, April 26, 2024

General line - 0115112241

ධර්මපුරම් ගැටුම සමථයට ගිය පොලිස් නිලධාරීන්ට පහරදුන් 6 ක් රාජගිරියේදී අල්ලයි




ධර්මපුරම්, පිරමන්දාරු ප්‍රදේශයේදී ඔක්තෝම්බර් මස 4 වනදා දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරීන්ට පහරදුන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රාජගිරිය ප්‍රදේශයේ වැඩබිමක සිටියදීයි. ගැටුම සමථයකට පත් කිරීමට ගිය අවස්ථාවේ ධර්මපුරම් පොලීසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර එක් නිලධාරියෙකුට පහරදී බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් හය දෙනා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කර සිටි බවයි පොලීසිය පැවසුවේ.