Thursday, May 2, 2024

General line - 0115112241

රෝහල් ගත වන කොවිඩ් රෝගීන් සීග්‍රයෙන් වැඩිවේ




මෙරට තුළ කොවිඩ් ආසාදිතයින්ගේ සීඝ්‍ර වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. ඔවුන්ගේ අනුමානය වන්නේ ශ්‍රී ලංකාව තුළ දැනට වාර්තා වන කොවිඩ් රෝගීන් අතරින් ඔමික්‍රෝන් ප්‍රභේදය ඉන් බහුතරයකට ආසාදනය වී තිබිය හැකි බවයි.

කොළඹ ජාතික රෝහලේ මෙන්ම හෝමාගම රෝහලේද කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් වාර්තා වනවා. මීට පෙර වාර්තා වූයේ කොළඹ ජාතික රෝහලේ කොවිඩ් වාට්ටු සම්පූර්ණයෙන් පිරී ඇති බවයි. කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකය නැවතත් කොවිඩ් රෝගීන්ට වෙන් කිරීමටයි සිදුව ඇත්තේ. දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් රෝහලේ සිදු කරන සාමාන්‍ය ශල්‍යකර්ම සඳහා ප්‍රමුඛතාව ලබාදීම ද අඩුවී තිබෙනවා. 

මෙලෙස රෝගීන් වාර්තාගත ලෙස වැඩිවීමේ තත්ත්වයක් හෝමාගම රෝහලෙන් ද වාර්තා වන බව එහි වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි පවසනවා. ඔහු කියා සිටියේ ඉකුත් සතියට සාපේක්ෂව රෝහලට ඇතුලත් වූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. හෝමාගම රෝහලේ කොවිඩ් වාට්ටු දෙකම සම්පූර්ණයෙන් පිරී ඇති බවද විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි කියා සිටියා. 

මෙය ඔමික්‍රෝන් රැල්ලක ඉඟියක් ද? මේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්.

එලෙස රෝගීන් වැඩිවීමට බලපෑ හේතු මොනවාද ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළේ කොවිඩ් හේතුවෙන් මියයන සංඛ්‍යාව ඉදිරියේදී වැඩිවීමේ අවදානමක් ඇති බවයි.

මේ වන විට අඛණ්ඩව දින 06 ක් මෙරටින් දෛනික කොවිඩ් ආසාදිතයින් 800 සීමාව ඉක්මවමින් වාර්තා වුණා.