Thursday, May 2, 2024

General line - 0115112241

ව්‍යාපෘති සහ සැලසුම් හිතු මනාපයට වෙනස් කිරීම හෝ විනාශ කර දැමීම අතීතයේ සිටම සිදු වුවක් බවට හෙළිවෙයි 




ඇතැම් රජවරුන් සිදුකළ ව්‍යාපෘති සහ සැලසුම් ඉන් පසුව රජවූ රජවරුන් තම හිතු මනාපයට වෙනස් කිරීම හෝ ඒවා විනාශ කර දැමීම ඉතිහාසයේ සිටම පැවතෙමින් ඇති බව පුරාවිද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින් ඔහු පැවසුවේ දේශපාලනයට හෝ රාජ්‍යත්වයට පැමිණෙන පුද්ගලයින් නිධන් හෑරීම හා පුරාවස්තු කැණීම ඉතිහාසයේ සිටම සිදු කර ඇති බවයි. 

රාජ්‍යත්වයට පැමිණීමට පෙර විවිධ වංචා දූෂණ සහ අපරාධ කළ පුද්ගලයින් රාජ්‍යත්වයට පැමිණීමෙන් පසු ඔවුන්ගේ ස්වරූපය වෙනස් කරගන්නා ආකාරය ද මෙහිදී පැහැදිලි කෙරුණා.