Thursday, May 2, 2024

General line - 0115112241

පළමු T-20 තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 62 ක පරාජයක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි 20 තරඟයෙන් ලකුණු 62 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 දී ලකුණු 199 ක් රැස් කළා. එහිදී ඉෂාන් කිෂාන් වේගවත් ලකුණු 89 ක් සහ ෂේයශ් අයියර් නොදැවී ලකුණු 57 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 දී රැස්කරගත හැකි වූයේ ලකුණු 137 ක් පමණයි. නොදැවී පන්දුවට පහර දුන් චරිත් අසලංක ලකුණු 53 ක් රැස් කළා. දුෂ්මන්ත චමීර පන්දු 14 කදී නොදැවී ලකුනු 24 යි.

දෙරට අතර දෙවන පන්දුවාර 20 යි විස්ස තරඟය හෙට පැවැත්වෙනවා.