Friday, April 26, 2024

General line - 0115112241

කාන්තාවක් නිසා ප්‍රංශ ජනපති සටන උණුසුම්




ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයෙන් වත්මන් ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ජයග්‍රහණය කර තිබෙනවා. කෙසේවෙතත් ඔහුගේ ප්‍රතිවාදියා වන මැරීන් ලේ පෙන් තියුණු සටනක් ලබා දෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

එමානුවෙල් මැක්‍රොන් සියයට 51ක ඡන්ද ප්‍රතිශතයක්ද මැරීන් ලේ පෙන් සියයට 49ක ඡන්ද ප්‍රතිශතයක්ද ලබා ගනු ඇති බවටයි වාර්තා පල වන්නේ.

මේ වන විටත් ජනාධිපතිවරණයේ සියයට 94 ක ප්‍රතිඵල ගණන් කර අවසන්. නිළ ප්‍රතිඵල වලට අනුව එමානුවෙල් මැක්‍රෝන් සියයට 27.42 ක ද, මැරීන් ලේ පෙන් සියයට 24.16 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙනවා.