Saturday, May 11, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ විභාගය නිසා මහජන උපයෝගීතා කොමිසම ලංවිමෙන් කළ ඉල්ලීම

ඩී ඩී වානගුරු




රට තුළ පවතින ඉන්ධන සහ විදුලි අර්බුදය හේතුවෙන් සාමාන්‍යපෙල විභාගයට පෙනී සිටින දරුවන්ට බාධාවක් ඇති නොවන පරිදි කටයුතු සකස් කර තිබෙනවා. ඒ අනුව සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමට සිසුසැරිය සහ අතිරේක බස් රථ යෙදවීමටයි ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇත්තේ. සාමාන්‍ය දුම්රිය සේවාද අදාල කාලය තුල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලයේ පස්වරු 6 න් පසුව විදුලිය කප්පාදු නොකරන ලෙස විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටි බවයි. 

අපොස සාමාන්‍ය පෙළ විභාගය මේ මස 23 වැනිදා සිට ජූනි මස පළමු වැනිදා දක්වා පැවත්වෙනවා. විභාගය වෙනුවෙන් පැවැත්වෙන දේශන හා උපකාරක පංති අද මධ්‍යම රාත්‍රී 12 න් අවසන් කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.