Thursday, May 2, 2024

General line - 0115112241

රත්ගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට




රත්ගම, ගම්මැද්දේගොඩ ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් T-56 වර්ගයේ ගිනිඅවියකින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ. 

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 03 දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් අයෙකු මියගොස් තිබෙනවා. 

එලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි වියේ පසුවූ රත්ගම, පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ 29 සහ 47 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.