Friday, April 26, 2024

General line - 0115112241

නිලූකා ගීතානිට 129 වෙනි තැන – රන් පදක්කම කෙන්යාවට




රියෝ ඔලිම්පික් කි‍්‍රඩා උළෙලේ කාන්තා මැරතන් ධාවන ඉසව්වට එක් වූ නිලූකා ගීතානි රාජසේකර කී‍්‍රඩිකාවන් 157 දෙනා අතරින් 129 වැනි ස්ථානයට පත් වුණා. ඇගේ තරග නිමි කාලය පැය 03 යි විනාඩි 11 යි තත්පර 05 යි.

කෙසේ වෙතත් ඇය කාන්තා මැරතන් ඉසව්වේ ශී‍්‍ර ලංකා වාර්තාව තබා ඇත්තේ පැය 2 යි විනාඩි 40 යි තත්පර 07ක දක්ෂතාවක් වාර්තා කරමින්.

රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ කාන්තා මැරතන් ධාවන ඉසව්ව පැය දෙකයි විනාඩි 24 යි තත්පර 04කින් නිම කළ කෙන්යාවේ ජෙමීමා සුමගොන්ග් රන් පදක්කම දිනා ගත්තා.

කෙන්යානු කී‍්‍රඩිකාවක් ඔලිම්පික් ඉතිහාසයේ කාන්තා මැරතන් ධාවන ඉසව්වක රන් පදක්කම දිනා ගත් පළමු අවස්ථාව මෙයයි.

රිදී පදක්කම බහරේන් කී‍්‍රඩිකාවකටත්, ලෝකඩ පදක්කම ඉතියෝපියානු කී‍්‍රඩිකාවකටත් හිමි වුණා.

කාන්තා මැරතන් ඉසව්ව සඳහා මුළු කී‍්‍රඩිකාවන් 157 දෙනෙකු එක්ව සිටි අතර කී‍්‍රඩිකාවන් 24 දෙනෙකු තරගය අවසන් කිරීමට අසමත් වීමද කැපී පෙනෙනවා.

14MARATHONsub-master675 11344614_G 14018107_10210363726995849_459340895_n 1471187991034 RIOEC8E15XJ4N_768x432

14012241_10210364420893196_1064963751_n