Friday, April 26, 2024

General line - 0115112241

උදයංග වීරතුංග කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි




තමන්ට විදේශගත වීමට අවසර දෙන ලෙස රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් අද ප්‍රතික්ෂේප කළා. 

ඒ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 07 ක් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කර ඇති විමර්ශනයකට අදාළවයි. 

එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ඇපමත මුදාහැරුණු අවස්ථාවේදී ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය විසින් නියෝග කර තිබුණා.

ඒ අනුව මෝසමක් මාර්ගයෙන් අද අධිකරණය හමුවේ කරුණු දැක්වූ උදයංග වීරතුංගගේ නීතිඥවරයා දන්වා සිටියේ වෙළඳ සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා තම සේවාදායකයාට විදේශගත වීමට අවශ්‍ය බවයි. එහෙත් එම ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධය පළ කළා.