Thursday, May 2, 2024

General line - 0115112241

අමෙරිකාවේ කොවිඩ් අවසන් - බයිඩ්න් කියයි




අමෙරිකාව තුළ කොවිඩ් වසංගත තත්ත්වය අවසන් වී ඇති බව එරට ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. විදෙස් මාධ්‍ය ආයතනයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති බයිඩ්න් පැවසුවේ වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා අමෙරිකාව තවදුරටත් බොහෝ දේ සිදුකරමින් සිටින බවයි.

අමෙරිකාවේ කිසිවෙකු මුව ආවරණ නොළඳින බවත්, සියලු දෙනා හොඳින් සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. 

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමෙරිකාවේ පරිපාලන නිලධාරීන් පැවසුවේ අමෙරිකාවේ කොවිඩ් ප්‍රතිපත්ති වෙනස්වන බවට එය සංඥාවක් නොවන බවයි. එමෙන්ම රට තුළ මේවනවිට ක්‍රියාත්මක කොවිඩ් 19 මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව ඉවත් කිරීමට කිසිඳු සැලසුමක් නොමැති බව ද ඔවුන් සඳහන් කළා. 

අමෙරිකාව තුළ කොවිඩ් වසංගත තත්ත්වය අවසන් වී ඇති බව ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළ ද තවදුරටත් අමෙරිකාවෙන් කොරෝනා මරණ වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. එමෙන්ම ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වාර්තාවලට අනුව සෑම දිනකම අමෙරිකාවෙන් කොරෝනා මරණ 

400 ක් පමණ වාර්තා වන බව ද පැවසෙනවා. ඉකුත් සතියේදී පමණක් අමෙරිකාවේ කොරෝනා මරණ 3000 ක් සිදුව තිබෙනවා.