ගුරු සහ විදුහල්පති පුරප්පාඩු මේ වසර තුළ හැකි උපරිමයෙන් සම්පූර්ණ කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ අතරින් ගුරු පුරප්පාඩු 7,000කට වැඩි සංඛ්‍යාවක් මේ වසරේදී සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ අයවැය විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින්.
මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ විද්‍යා සහ තාක්ෂණ, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යංශයන්හි වැය ශීර්ෂ මේ වන විට විවාදයට ගැනෙනවා.
විවාදය ආරම්භ කිරීමට පෙර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.
විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසුවේ සේවා අපනයන බද්ද හේතුවෙන් ඩිජිටල් ව්‍යවසායකයින් අධෛරමත් වන බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් විවාදයේදී අදහස් දැක්වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේ ඩිජිටල් සේවා බද්ද හේතුවෙන් ඩිජිටල් ව්‍යවසායකයින්ට වාසියක් මිස කිසිදු අවාසියක් සිදු නොවන බවයි.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ විද්‍යා සහ තාක්ෂණ, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යංශයන්හි වැය ශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වෙන විවාදයේ සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.