Wednesday, March 12, 2025

General line - 0115112241

හිටපු මන්ත්‍රීගේ ඉඩමකින් ගිනි අවි සොයා ගැනීම ගැන තවදුරටත් පරික්‍ෂණ



හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුට අයත් ඉඩමක තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම උණ්ඩ, බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා එම පතරොම් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පරික්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්තනගල්ල පොලිස් වසමේ වැලිකඩමුල්ල ප්‍රදේශයේදී මෙම ගිනි අවි සොයා ගත්තා.

ඒ අතරට ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසින් 02ක් හා ජීව උණ්ඩ 133ක්ද, බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා එම අවිය සඳහා භාවිතා කරනු ලබන ජීව පතරොම් 06ක්ද අයත්.

සිද්ධිය සම්බන්ධයෙන් අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක් වන හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

වැඩිදුර විමර්ශනයේදී හෙළි වී ඇත්තේ සැකකරුට අයත් අක්කර 25ක පමණ ඉඩමක මෙම ගිනි අවි සඟවා තිබූ බවයි.