Wednesday, March 12, 2025

General line - 0115112241

හිටපු කතානායකවරුන්ගේ වියදම් ලැයිස්තුවකුත් පාර්ලිමේන්තුවට



හිටපු කතානායකවරුන්ගේ වියදම් ලැයිස්තුවක් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අද දිනයේද පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කළා.

අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේ තමන් ඉදිරිපත් කළ මෙම වාර්තාව තහවුරු කර ගත් තොරතුරු මත ඉදිරිපත් කර ඇති බවයි. 

හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට වැය වූ මුදල් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. 

වර්තමාන පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ වියදම් සම්බන්ධයෙන්ද සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අදහස් පළ කළේ මෙලෙසයි. 

මේ අතර කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයේ වැය ශීර්ෂයට අදාළ විවාදය පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වෙනවා.

මේ, විවාදය ආරම්භ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා. 

විෂය භාර අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා ඊට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයේ වැය ශීර්ෂයට අදාළව පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වෙන විවාදයේ සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.