ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට අනියුක්තව ආපනශාලාවක් පවත්වා ගෙන ගිය පොලිස් කොස්තාපල්‌වරයෙකු විසින් තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පොලිස් නිලධාරියෙක්. එම නිලධාරියාට අයත් වෑන් රථය තුළ සඟවා තිබියදී දුම්වැටි 18,600ක් එලෙස සොයාගෙන තිබෙනවා.
ඔහු කලක සිට මෙම ජාවාරමේ නිරතව ඇති බවයි සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.