Wednesday, May 21, 2025

General line - 0115112241

ලොවම කළඹමින් ට්‍රම්ප්, සිරියානු අන්තර්වාර පාලකයා හමුවෙයි



අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිරියාවේ අන්තර්වාර ජනාධිපති අහමඩ් අල් ෂාරා හමුවී තිබෙනවා. 

ඒ, සිය සෞදි අරාබි සංචාරය අතරතුරයි. මෙම හමුව සිදුව ඇත්තේ අමෙරිකාව සිරියාවට පනවා තිබූ දැඩි සම්බාධක ඉවත් කර දිනකට පසුව වීම විශේෂත්වයක්. 

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ ඉල්ලීමකට අනුව රියාද් හිදි එම හමුව සිදුව තිබෙනවා. 

මෙම සිදුවීම බටහිර මෙන්ම යුරෝපය නියෝජනය කරන අමෙරිකාවේ මිත්‍ර රටවල්වල දැඩි විමතියට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.