Wednesday, May 28, 2025

General line - 0115112241

දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගය ලබන 24 වනදා උදෑසන 09 සිට පැය 21ක කාලයක් වසා තැබේ



ඔරුගොඩවත්ත සිට බොරැල්ල දක්වා දිවෙන මහා මාර්ගය එළඹෙන 24වන සෙනසුරාදා උදෑසන 09 සිට 25 වනදා උදෑසන 06 දක්වා වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ, එම මහා මාර්ගයේ ඇති  දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන්. 

ඒ අනුව අදාළ කාල සීමාව තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය මඟහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.