Wednesday, May 21, 2025

General line - 0115112241

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට 



ඉන්දියාවේ නාගපටුනම් වරායේ සිට කන්කසන්තුරයේ වරායට පැමිණි මගියෙකු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා 

සිවගන්ගායි නැමැති මගී යාත්‍රාවෙන් පැමිණි වයස අවුරුදු 33ක් වූ ඉන්දියානු ජාතික මගියෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහුව පරික්ෂා කිරීමේදී   නිලධාරීන් විසින් මගියා රැගෙනවිත් තුබූ ගමන් මලු දෙක පරීක්ෂා කිරීමේදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4120 ක් සොයා ගැනීමට සමත් විය.

එම කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 41.2 පමණ වන බවයි රේගු නිලධාරීන් සඳහන් කර සිටියේ.

වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රවය කාර්යංශ වෙත භාර දී තිබෙනවා.