Wednesday, May 28, 2025

General line - 0115112241

රෝහල්වල වෛද්‍ය උපකරණවලත් හිඟයක්



රජයේ රොහල්වල පවතින වෛද්‍ය උපකරණ හිඟයට විසඳුම් ලබා දීමට රජය මැදිහත් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

එම වෛද්‍ය උපකරණ අවශ්‍ය රෝහල් සඳහා අදාළ පහසුකම් ස්ථාපිත කිරීම ප්‍රමුඛතාවක් අනුව සිදු කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ. 

අදාළ වෛද්‍ය උපකරණ අලුත්වැඩියා කිරීමේ කටයුතුද නිසි ක්‍රමවේද යටතේ සිදු කළ යුතු බවද ඔහු සඳහන් කළා.