Wednesday, May 28, 2025

General line - 0115112241

ධීවරයන්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක දැනුම්දීමක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවර සහ නාවික ප්‍රජාවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ. 

අද පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම ප්‍රදේශවල මුහුද විටින් විට ඉතා රළු විය හැකි බවයි. 

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60ත් 70ත් අතර පරාසයක් දක්වා වැඩිවීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

හලාවත සිට කොළඹ හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 50ත් 55ත් අතර පරාසයක් දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.