ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරගයකින් ලකුණු 110ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.
ඒ, කෝල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවී ලකුණු 278ක් රැස් කළා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ හෙන්රික් ක්ලාසන් පන්දු 39කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 105ක්.
ඒ, 04 පහර හතක් සහ 06 පහර නවයක් සමගින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දු වාර 18යි පන්දු 04කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 168ක් පමණයි.