Thursday, April 25, 2024

General line - 0115112241

ක්‍රිකට් කළමනාකාරීත්වය වගකීම් පැහැර හැරියාද? පුහුණුකරුවෙකු ප්‍රශ්න කරයි




ආබාධයකට ලක්ව සිටියදීත්, ධනුෂ්ක ගුණතිලක ඔස්ටේ්‍රලියාවේ රඳවා ගැනීමට ක්‍රිකට් බලධාරීන් ගනු ලැබූ තීරණය ගැටළු සහගත බව ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරු සහ විචාරක අනූෂ සමරනායක පවසනවා.

නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවේ “ටොස් එකට කලින්” වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

ක්‍රීඩකයින් සහ කණ්ඩායම අපකීර්තියට පත් කිරීමේ කුමන්ත්‍රණකාරී සැලසුම් ද මෙවැනි සිදුවීම් පිටුපස පැවතිය හැකි බවයි අනූෂ සමරනායක මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.  

“ටොස් එකට කලින්” මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකියි.