දින කිහිපයක සිට පවතින අධික වැසි හේතුවෙන් උතුරු පළාතේ පුද්ගලයින් 15,000 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.
මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පොලොන්නරුව - මඩකලපුව ප්රධාන මාර්ගයේ මනම්පිටිය, ගල්ලෑල්ල ප්රදේශය මේ වන විට ජලයෙන් යටවී ඇති බව නෙත් නිවුස් වාර්තාකරු නිමල් ජයරත්න පැවසුවා.