Thursday, April 18, 2024

General line - 0115112241

ICC විස්සයි-20 ශ්‍රේණිගත කිරීමේ අංක 01 පන්දු යවන්නා




ICC විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පලමු ස්ථානයට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංග පත්ව තිබෙනවා.

වනිදු මෙම ස්ථානයට පත්ව ඇත්තේ මෙතෙක් ICC හොඳම පන්දු යවන්නා ලෙස පත්ව සිටි ඇෆ්ගනිස්ථාන පාදඟ පන්දු යවන්නා වන රෂිඩ් ඛාන් දෙවන ස්ථානයට පත් කරමින්.

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරග අවසන් වන විට වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියේ ද වනිදු හසරංගය. ඒ කඩුලු 15ක් දවා ගනිමින්ය.