විස්සයි 20 ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් දිනා ගැනීමටසමත් වුවා. ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ.
තරගය පැවැත්වෙන්නේ පාකිස්ථානය සමගයි.
මේ දක්වා දෙරට අතර විස්සයි 20 තරඟ 28 ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 17 ක් ජයගෙන ඇත්තේ පාකිස්තානයයි.
නවසීලන්ත කණ්ඩායම තරඟ 11 ක් ජයගෙන තිබෙනවා.
පාකිස්තානය 2009 වසරේදී විස්සයි 20 ලෝක කුසලානය ජයගෙන ඇති අතර 2007 වසරේදී අනුශූරතාව හිමිකරගෙන තිබෙනවා.
නවසීලන්ත කණ්ඩායම අවසන් වරට පැවති ලෝක කුසලාන තරඟාවලියේදී අනුශූරයින් බවට පත් වුණා.