Tuesday, April 23, 2024

General line - 0115112241

ලොවම බලා සිටින ලෝක කුසලානයේ ඉන්දීය - එංගලන්ත අවසන් පූර්ව තරගය අද




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලෝකයේම අවධානය දිනාගෙන ඇති ඉන්දියාව සහ එංගලන්තය අතර දෙවන අවසන් පූර්ව තරගය අද පැවැත්වෙනවා. ඒ, ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම පකිස්ථානය සමග ලබන ඉරිදා ලෝක කුසලාන අවසන් මහා තරගයේදී එකිනෙකට මුණ ගැසෙනු ඇති. බොහෝවිට එම තරගය ඉන්දු පකිස්ථාන තරගයක් වනු ඇති බවටයි දැනටමත් බොහෝ පාර්ශ්ව මත පළ කර ඇත්තේ. ඒ, ඉන්දීය කණ්ඩායම තරගාවලියේ මෙතෙක් දැක්වූ දක්ෂතා හේතුවෙන්.

අතිශය තියුණු මුහුණුවරක් ගත් ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ දෙවනියා බවට පත්වෙමින් එංගලන්තය අද පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තා. කෙසේවෙතත් ක්‍රීඩකයින් ආබාධවලට ලක්වීම එංගලන්ත කණ්ඩායමට අද තරගයේදී එල්ල කර ඇත්තේ ප්‍රබල බලපෑමක්.

ලොව අංක 6යේ පන්දුවාර විස්සයි විස්ස පිතිකරුවා වන එංගලන්තයේ ඩේවිඩ් මලාන් ද අබාධයකට ලක්ව සිටිනවා. මෙවර ලෝක කුසලානයේ වේගවත්ම පන්දු යවන්නා වන එංගලන්තයේ මාර්ක් වුඩ් ද අබාධයකට ලක්ව ඇති බවටයි ක්‍රිඩා මාධ්‍ය වාර්තා කළේ. 
ඉන්දීය එංගලන්ත තීරණාත්මක දෙවන අවසන් පූර්ව තරගය අද පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.