Saturday, April 20, 2024

General line - 0115112241

හිරු නොබසින අධිරාජ්‍ය භාරත පුතුන් ගෙදර යවයි




ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත් වුවා. ඒ ඉන්දියාව කඩුලු 10කින් පරාජය කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් වුවා.
 
ඉන්දිය පිල වෙනුවෙන් හර්ඩික් පාන්ඩ්යා ලකුණු 63ක් සහ විරාට් කෝලී ලකුණු 50ක් රැස් කරනු ලැබුවා.

පන්දු යැවීමේදී එංගලන්තයේ ක්‍රිස් ජෝර්ඩ්න් ලකුණු 43කට කඩුලු 3ක් දවා ගනු ලැබුවා.

ජයග්‍රාහි ලකුණු 169ක ඉලක්කයක් හඹා ගියා එංගලන්ත කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේදී සිය ඉලක්කය පසුකර යෑමට සමත් වුවා.

එංගලන්ත පිල වෙනුවෙන් ජෝස් බට්ලර් ලකුණු 80ක් සහ ඇලෙක්ස් හෙල්ස් නොදැවී ලකුණු 86ක් වාර්තා කළා.

ඒ අනුව විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගයට එංගලන්තය සහ පාකිස්ථාන කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.