Saturday, April 20, 2024

General line - 0115112241

වනිදු, ලෝක කුසලානයේ සුපිරි නවදෙනා අතරට




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රීකට් තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයින් නව දෙනාගේ නාම ලේඛනය ජාත්‍යන්තඑ කී5කට් කවුන්සිලය විසින් අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

මෙම ක්‍රීඩකයින් නම් කර ඇත්තේ මෙවර තරඟාවලියේ මෙතෙක් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින්. ඵ් අතරට    ශ්‍රී ලංකාවේ සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගද අයත්. මෙම ක්‍රීඩක ලැයිස්තුවට ශ්‍රී ලංකාවෙන් ඵක්වන ඵකම ක්‍රීඩකයා ඔහු පමණයි. 

ඉන්දියාවෙන් විරාට් කෝලි සහ සූර්ය කුමාර් යාදෙව් ද ඵම ක්‍රීඩකයින් අතරට අයත්. අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින පකිස්තානයෙන් ඵම ක්‍රීඩකයින් අතරට ඵක්ව සිටින්නේ ෂඩාබ් ඛාන් සහ ෂහීන් අෆ්රිඩියී. සෑම් කරන්, ජොස් බට්ලර් හා ඇලෙක්ස් හේල්ස් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින ඵංගලන්තයෙන් තේරී පත්ව ඇති ක්‍රීඩකයින් වනවා.

සිම්බාබ්වේ කණ්ඩායමේ සිකන්දර් රාසා ද මෙවර තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයින් නව දෙනාගේ නාම ලේඛනයට අයත්. 
මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රීකට් තරගාවලියේ වීරයා සම්මානය හිමිවන්නේ මෙම ක්‍රීජකයින් 09 දෙනා අතරින් ඵක් අයෙකුටයි. 

අන්තර්ජාලය ඔස්සේ එම ක්‍රීඩකයින් වෙත සිය මනාපය පළ කිරීමේ අවස්ථාව අද සිට ප්‍රේක්ෂකයින් වෙත ලබාදී තිබෙනවා.